Pages

Saturday, June 11, 2011

කදුරුගොඩ විහාරයට ගිය ගමන

මේ මගේ දෙවැනි සටහන. අන්තර් විශ්වවිද්‍යාල සහෝදරත්ව සබදතා දියුණු කිරීමේ අභිලාසයෙන්  යාපනය විශ්ව විද්‍යාලයට ගිය ගමනේ ලද විවේකයේදී යාපනය ප්‍රදේශය අවට තිබු සුවිශේෂී ස්ථාන කීපයක් නැරඹීමට පවා අපි අමතක කලේ නැහැ. ඒ අතරින් මා වඩාත් සිත් ගත් තවත් එක් සුවිශේෂී ස්ථානයක් වුණේ ඓතිහාසික කදුරුගොඩ විහාරයයි.






















යාපනයේ හුණුගම (චුන්නාකම්) ප්‍රදේශයේ සිට කිලෝමීටර දෙකක් පමණ ඇතුලතින් පිහිට තිබෙන මේ විහාරය ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක් වශයෙන් හැදින්විය හැකියි. ජනප්‍රවාදයේ එන පරිදි, බුදුන් වහන්සේ චුලෝදර මහෝදර රජවරුන් අතර පැවති අසමගිය සමථයට පත් කර මෙම ස්ථානයේ විවේකිව මොහොතක් වැඩ සිටි බවද ජනප්‍රවාදයේ කියවේ. ඊට අමතරව, පුන්කුඩුතිවුහි වැඩ සිටි රහතන් වහන්සේලා වෙත පූජා කරන ලද දානයක් විෂ වීමෙන් අපවත් වූ රහතන් වහන්සේලා 60 නමකගේ භස්මාවශේෂ නිදන්කොට නිම වූ දාගැබ් 60 ක් සහිත ව නිම වූ මෙම කදුරුගොඩ විහාරය බෞද්ධ ශ්‍රී විභූතිය කියාපාන්නා වූ වටිනා පුරාවිද්‍යාත්මක විහාරස්ථානයක් ලෙස දැක්විය හැකිය. නමුත් මේ පින් බිමට පැමිණි පසු මා සිත් කලකිරවන සුළු අත්දැකීමකට මුහුණ දෙන්න ට  සිදු විය. විහාරස්ථානය අසල පිහිටා ඇති බුදු මදුර නිර්මාණය කර තිබුයේ තහඩු වට කිරීමෙන්ය. මෙතරම් සුවිශාල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත මෙහි බුදු මැදුර තහඩු වලින් සකස් කර තිබීම, කතෝලිකයකු වුවද මා තුල ශෝචනීය හැඟීමක් ඇති කරවීමට සමත් විය. මෑතදී 2600 සම්බුද්ධත්ව ජයන්තියද සැමරූ බෞද්ධ රටේ අපි මේ පිළිබඳව මොහොතක් සිතමු. හැකි අයෙක් වෙතොත් මේ සම්බන්ධයෙන් වග කිව යුතු පුද්ගලයන් දැනුවත් කරන්න. බුදු මැදුර සමීපයේ පිහිටා ඇති, භික්ෂුන් වහන්සේලා ගේ ආවාසගෙය ද සකස් කොට තිබුයේද තහඩු වලින් වට කිරීමෙනි. දැනට කැණීම් කොට සොයා ගන්නා ලද දාගැබ් 56 ක් සහිත භූමි භාගය ආරක්ෂා කරනට වැටක් හෝ දක්නට නොමැත. ඒ වෙනුවට  ඒ අවට ඇත්තේ කළු පැහැති රැහැන් කීපයක් පමණි. රන් වැටවල් අවශ්‍ය නැත, නමුත් මෙතරම් ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම විහාරය හා ඒ  අවට ඇති නටබුන්, රැක ගත යුතු ජාතික උරුමයක් යයි හැඟේ. ඉහතින් දැක්වෙන්නේ එහි ගිය මොහොතේදී ලබා ගත පින්තුර කීපයකි.

No comments:

Post a Comment