Pages

Friday, June 10, 2011

වස්සානයේ අරුම

වස්සානයේ අරුම



රැදුනි නෙත්     අද්දරම
රැදුනි සිත්        අද්දරම
දැනුනි නෙත් අගිස්සට
ආදරය           සීරුවට

හඩන්නට      සැරසෙමින
දග   දමන        අස් වලට
මේ   තරම්  කදුළු     දුන්
ඔබ     නේද       ආදරය

හිදින්නට   ඔබ      ලගම
මියෙන්නට   ඔබ  ලගම
නැවත      ඉපදෙන්නටද
සිතෙයි  මට   ඔබ ලගම

දුරයි   ඔබ   දුරයි     මට
ඇයිද   මේ   දුරස්    බව
වවන්න  නොහැකි  බව
නොදනුනිද    ඔය හිතට

දෙන්න       ඒ               ආදරය
නැවත   මට           පිපෙන්නට
නොහැකි  නම්   දෙන්න    එය 
නොරැදීම            ඔබ    යන්න

           -  ශා  -

3 comments:

  1. හ්ම්ම් මේ තියන්නේ ලස්සනට... මට මේ පද පේලි ටික දකිද්දී මතක් වෙන්නේ මගේ බ්ලොග් එකට මලී ලියපු
    රැඳුනු නෙත් යුග අතර ඔබේ රුව ඇඳුනාවේ
    සහ සිත අද්දර ඉකි බිඳුම
    කියන පද ටික.ඔය දෙකේම එකතුවක් මං දකිනවා මේකෙන්.දිගටම කවි ලියන්නත් එපා.හිතට එන හැම දෙයක්ම කවි, නිසදැස් වලින් එලියට දාන්න බෑ..

    ReplyDelete
  2. ඔව්, මේ මුල්ම බ්ලොග් එක නිසා මං හිතුව මේ විදියට පටන් ගන්න. ගොඩක් ස්තුතියි. ගොඩක්ම ස්තුතියි අයියා.

    ReplyDelete
  3. නොහැකි නම් දෙන්න එය
    නොරැදීම ඔබ යන්න


    මේ පේළි දෙක නම් ගොඩක්ම හිතට වදිනවා...

    ReplyDelete