වස්සානයේ අරුම
රැදුනි නෙත් අද්දරම
රැදුනි සිත් අද්දරම
දැනුනි නෙත් අගිස්සට
ආදරය සීරුවට
හඩන්නට සැරසෙමින
දග දමන අස් වලට
මේ තරම් කදුළු දුන්
ඔබ නේද ආදරය
හිදින්නට ඔබ ලගම
මියෙන්නට ඔබ ලගම
නැවත ඉපදෙන්නටද
සිතෙයි මට ඔබ ලගම
දුරයි ඔබ දුරයි මට
ඇයිද මේ දුරස් බව
වවන්න නොහැකි බව
නොදනුනිද ඔය හිතට
දෙන්න ඒ ආදරය
නැවත මට පිපෙන්නට
නොහැකි නම් දෙන්න එය
නොරැදීම ඔබ යන්න
- ශා -
රැදුනි සිත් අද්දරම
දැනුනි නෙත් අගිස්සට
ආදරය සීරුවට
හඩන්නට සැරසෙමින
දග දමන අස් වලට
මේ තරම් කදුළු දුන්
ඔබ නේද ආදරය
හිදින්නට ඔබ ලගම
මියෙන්නට ඔබ ලගම
නැවත ඉපදෙන්නටද
සිතෙයි මට ඔබ ලගම
දුරයි ඔබ දුරයි මට
ඇයිද මේ දුරස් බව
වවන්න නොහැකි බව
නොදනුනිද ඔය හිතට
දෙන්න ඒ ආදරය
නැවත මට පිපෙන්නට
නොහැකි නම් දෙන්න එය
නොරැදීම ඔබ යන්න
- ශා -
හ්ම්ම් මේ තියන්නේ ලස්සනට... මට මේ පද පේලි ටික දකිද්දී මතක් වෙන්නේ මගේ බ්ලොග් එකට මලී ලියපු
ReplyDeleteරැඳුනු නෙත් යුග අතර ඔබේ රුව ඇඳුනාවේ සහ සිත අද්දර ඉකි බිඳුම
කියන පද ටික.ඔය දෙකේම එකතුවක් මං දකිනවා මේකෙන්.දිගටම කවි ලියන්නත් එපා.හිතට එන හැම දෙයක්ම කවි, නිසදැස් වලින් එලියට දාන්න බෑ..
ඔව්, මේ මුල්ම බ්ලොග් එක නිසා මං හිතුව මේ විදියට පටන් ගන්න. ගොඩක් ස්තුතියි. ගොඩක්ම ස්තුතියි අයියා.
ReplyDeleteනොහැකි නම් දෙන්න එය
ReplyDeleteනොරැදීම ඔබ යන්න
මේ පේළි දෙක නම් ගොඩක්ම හිතට වදිනවා...